2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 21:10
නවතම පුවත්

ගෙදරින් ආහාර ගේන්න දේශබන්දුට අවසර

බන්ධනාගාර ගතව සිටින සේවය අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ආහාර නිවසෙන් ගෙනඒම සඳහා අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක සඳහන් කළේ ඊයේ (24) දිනයේ සිට අදාළ අවසරය ලබා දී ඇති බවයි.

වැලිගම ප්‍රදේශයේ හෝටලක් අසල සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් එම නියෝගයෙන් දින 20කට පසුව අධිකරණයට බාරවු අතර එහිදී මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් අප්‍රේල් 3 වනදා වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබීය.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දේශබන්දු තෙන්නකෝන් මහතා මහනුවර දුම්බර බන්ධනාගාරයට ඇතුළත් කළ අතර එහිදී තමාගේ ආහාරවේල නිවසෙන් ගෙන ඒමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

අදාළ ඉල්ලීම සලකා බැලූ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඔහුට නිවසෙන් ආහාර ගෙන ඒමට අවසර ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඒ අනුව වේල් තුන සඳහාම දේශබන්දු තෙන්නකෝන්ට නිවසෙන් ගෙන එන ආහාර ලබා ගැනීමට අවස්ථාව හිමිව ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories