2025 අගෝස්තු 16 සෙනසුරාදා, 01:43
නවතම පුවත්

ගුරු මාරුවට දේශපාලන බලපෑම් නෑ – අගමැති හරිනි

ගුරු මාරුවට දේශපාලන බලපෑම් නෑ ස්ථාන මාරු සිදු කරන්නේ ගුරුමාරු මණ්ඩලයම පමණයි යනුවෙන් අගමැති හරිනි පාර්ලිමේන්තුවේදී කියයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (18) පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ගුරු මාරු සිදුකිරීම නිල ගුරු මාරු මණ්ඩලයෙන්ම පමණක් සිදු කරන බවත්, ඒ සඳහා දේශපාලන බලපෑමක් සිදු නොවන බවත්ය.

විපක්ෂයෙන් මතු වූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පැවසුවේ,

ජාතික පාසල් සහ පලාත් පාසල් වල පවතින පුරප්පාඩු අනුව පලාත් සහ ජාතික පාසල් වලින් අතිරික්ත ගුරුවරු තාවකාලිකව අනියුක්ත කරන්න කියලා මේ වන විට ලිපියකින් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා තිබෙනවා.

ඉදිරියේදී විෂයන් අනුව තිබෙන පුරප්පාඩු අනුව ඒ ඒ පුරපුපාඩු පුරවන්න අපි කටයුතු කරනවා. මේ වසර අවසන් වනවිට සියලු විෂයන් සඳහා තිබෙන ගුරු පුරප්පාඩු පුරවන්න අපි බලාපොරොත්තු වෙනවා.

ගුරු මාරුවීම් සිදු කරන්නේ වෘත්තිය සමිති වලින් නෙවෙයි ගුරු මාරු මණ්ඩලයෙන්, ඒ මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති වල නියෝජනයක් තියෙනවා. ගුරුමාරුවීම් මෙච්චර වියවුල් වෙලා තියෙන්නේ පසුගිය කාලවල සිදු වූ දේශපාලන බලපෑම් නිසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවේදී ඔවුන් සඳහන් කළේ, අවුරුදු ගණනාවකින් ගුරු මාරු මණ්ඩලය දේශපාලන අතපෙවීමකින් තොරව ස්වාධීනව මෙවර සිද්ධ කරන්න පුලුවන් වුණා කියලා. ඒ මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ගුරු මාරුවට බලපෑම් නොකළ නිසා කියලා ඔවුන් පැවසුවා.

තම ස්ථාවරය ගුරු මාරු සිද්ධ විය යුත්තේ ගුරු මාරු මණ්ඩලයෙන් ම බවත්, ඒ සඳහා දේශපාලන මැදිහත්වීම් සිදු නොවිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories