2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 04:40
නවතම පුවත්

ගිනියාවේ පාපන්දු තරඟයක ගැටුමකින් පුද්ගලයන් රැසක් මරුට

ගිනියාවේ දෙවැනි විශාලතම නගරය වන N’zérékoré හි පැවැති පාපන්දු තරඟයක් අතරතුර හටගත් ගැටුමකින් පුද්ගලයන් රැසක් මියගොස් ඇති බව විදේශීය ජනමාධ්‍ය වාර්තා කරයි.

අග්‍රාමාත්‍ය Mamadou Oury Bah පවසා ඇත්තේ, තෙරපීම පුද්ගලයන් ගණනාවකගේ අවාසනාවන්ත ඉරණමට හේතු වූ බවයි.

මේ මොහොතේ සන්සුන්ව කටයුතු කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබේ.

අනන්‍යතාව හෙළි නොකළ වෛද්‍යවරයෙක් උපුටා දක්වමින් AFP ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ, ප්‍රාදේශීය රෝහලක මළසිරුරු රැසක් පෙළට තබා ඇති බවයි.

එවැනි මළසිරුරුවලින් රෝහලේ මෘත ශරීරාගාරය පිරී ඇති බව ද එම වෛද්‍යවරයා අනාවරණ කර තිබේ.

එරට ප්‍රාදේශීය ජනමාධ්‍ය පැවසුවේ තරගය සඳහා සහභාගී වී සිටි එක් කණ්ඩායමක ආධාරකරුවන් විනිසුරුවරයා කෙරෙහි කෝපයෙන් පිටිය දෙසට ගල් ගැසීමෙන් පසුව පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි.

ගිනියාව මෙතෙක් නිල වශයෙන් මියගිය පිරිසගේ සංඛ්‍යා ලේඛන නිකුත් කර නොමැත.

“ඒ සියල්ල ආරම්භ වූයේ විනිසුරුගේ විවාදාත්මක තීරණයකින්. ඊට පස්සේ ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාපිටිය ආක්‍රමණය කළා,” සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු AFP වෙත පවසා ඇත.

සමාජ මාධ්‍යවල හුවමාරු වන වීඩියෝ සහ ඡායාරූප ක්‍රීඩාංගණයෙන් පිටත අවුල් සහගත දර්ශන පෙන්වන අතර, විශාල ජනකායක් ක්‍රීඩාංගනයේ තාප්පය මතින් නැගීමට උත්සාහ කරන අයුරු සහ මළ සිරුරු රාශියක් ඒ ආසන්නයේ ඇති අයුරු ඒවායේ දැක්වේ.

මෙම වීඩියෝ ස්වාධීනව සත්‍යාපනය කිරීමට නොහැකි බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories