ගාසා තීරයේ රැඳී සිටින ළමයින් වෙනුවෙන් පෝලියෝ එන්නත ලබාදීම සඳහා වැඩසටහනක් ආරම්භ කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් එක්ව එන්නත් හය ලක්ෂ හතලිස් දහසක් ලබාදීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට එන්නත් ලබාදීමේ වැඩසටහන ඵලදායි වීමට නම් අවම වශයෙන් අවුරුදු 10ට අඩු ළමුන්ගෙන් 90%ක ප්‍රතිශතයක් කෙටි කාලයක් තුළ ප්‍රතිශක්තිකරණය කළයුතු බවයි. වසර 25කට පසු ගාසා තීරයෙන් හමුවූ පළමු පෝලියෝ රෝගියා සොයා ගැනීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ මෙම වෛරසය තවත් ළමුන්ට ආසාදනය වුවහොත් එය කලාපය තුළ දරුණු තත්ත්වයක් ඇතිකිරීමට හැකියාව පවතින බවයි.