2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 05:59
නවතම පුවත්

ගාලු වරායේ නව විද්‍යුත් සිතියම එළිදකි සෑම නෞකාවකින්ම වාර්ෂිකව ඩොලර් 25ක්

ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ප්‍රථම විද්‍යුත් මුහුදු සිතියම ලෙස, ගාලු වරායේ නව විද්‍යුත් සිතියම එළිදැක්වීම එම කාර්යාලයේදී සිදු කෙරුණි.

2024 අංක 7 දරණ ජල ශාස්ත්‍රීය පනත මඟින් ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය වෙත පැවරූ ජාතික වගකීම ඉටුකිරීම සනිටුහන් කරනු ලබන මෙම ගාලු වරායේ විද්‍යුත් සිතියම එළිදැක්වීම මඟින්, ඊට පෙර භාවිතා කළ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් 1907 වර්ෂයේ ප්‍රකාශයට පත් කර ඇති ඉතා පැරණි දත්ත සහිත අංක GB500819 දරණ ගාලු වරායේ විද්‍යුත් සිතියම භාවිතයෙන් ඉවත් විය.

එමෙන්ම, 1907 වර්ෂයේදී එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් නිකුත් කර ඇති ගාලු වරායේ පැරණි විද්‍යුත් සිතියම අවම නිරවද්‍යතාවයක් ඇති දත්ත සහිත සිතියම් වර්ගීකරණයට (CATZOC ‘C’) අයත් වන අතර, ඒ හේතුවෙන් ගාලු වරාය වෙත නෞකා ඇතුළු වීමද සීමා වී තිබේ.

කාලීන අවශ්‍යතාවයක් සපුරමින් එළිදැක්වුණු මෙම ගාලු වරායේ නව විද්‍යුත් සිතියම මඟින්, නාවිකයන්ගේ ගිලිහුණු විශ්වාසය නැවත දිනාගැනීමට අවස්ථාව උදාවනවා පමණක් නොව 1979 වර්ෂයේ මුහුදේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සම්මුතිය මඟින් ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර බැඳීම ඉටුකිරීමටද හැකියාව ඇත.

නාවිකයන් හට නාවික ගමනාගමනය සඳහා මුද්‍රිත නාවික සිතියමක් වෙනුවට පහසුවෙන් පරිශීලනය කළ හැකි මෙම විද්‍යුත් සිතියම අංක LK5G04A1 යටතේ නිකුත් කර ඇත.

මෙම සිතියම් භාවිතා කරන සෑම නෞකාවක් වෙතින්ම වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 25 ක දායක මුදලක් ද ලැබෙන බැවින්, දිවයිනේ ජාතික ආර්ථිකයට විදේශ විනිමය රැගෙන ඒමටද මෙම විද්‍යුත් සිතියම් නිර්මාණය කිරීම තුලින් ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයට හැකියාව ලැබි ඇත.

තවද, ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් මෙරට වරාය සහ වරාය පිවිසුම් වෙනුවෙන් විද්‍යුත් සිතියම් නිර්මාණය කිරීමේ වැඩසටහන යටතේ ගාලු වරායේ විද්‍යුත් සිතියම එළිදැක්වීම සිදුකෙරුණු අතර, කොළඹ තොරතුරු විලායන මධ්‍යස්ථානයේ දත්තයන්ට අනුව, පසුගිය 2023 වර්ෂයේදී පමණක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ප්‍රධාන නෞකා ගමන් මාර්ගය ඔස්සේ නෞකා 40000 ක පමණ ප්‍රමාණයක් ගමන් කර ඇති බැවින්, එම විශාල නෞකා ගමනාගමනයද සැලකිල්ලට ගනිමින්, ගැඹුරු මුහුදේ නාවික ගමනාගමනයට අවශ්‍ය විද්‍යුත් සිතියම් නිර්මාණය කර ඉදිරියේදී එළිදැක්වීමට ද ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය අපේක්ෂා කරයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories