2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:39
නවතම පුවත්

ගලේවෙල සූකර උණ යැයි සැකකළ හැකි ඌරන් 250 ක් මියගොස්

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සූකර උණ යැයි සැකකළ හැකි රෝගය වැළඳී ඌරන් 250 ක් පමණ මියගොස් ඇති බව පශුවෛද්‍ය නිලධාරී සමන්ත කුමාර සේනාරත්න පවසයි.

පශු වෛද්‍ය නිලධාරී සමන්ත කුමාර සේනාරත්න ,මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙසේද පවසා ඇත.

“ගලේවෙල ප්‍රදේශයේ වාසලකෝට්ටේ සහ නිකවැහැර යන ගම්වල පිහිටි ගොවිපළවලදී මියගිය ඌරන්ට වැළඳී ඇත්තේ අභිජනන හා ස්වසන සහ ලක්ෂණ රෝගය බවට සැකකරනවා. මියගිය ඌරන්ට වැළඳී ඇත්තේ කුමන රෝගයක්ද යන්න දැනගන්නට ලබාගත් අදාළ සාම්පල් පේරාදෙණිය පශු විමර්ෂණ අංශයට යවා තිබෙනවා.

තවම එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබී නෑ. දැනට ලැබී ඇති තොරතුරු අනුව අප්‍රිකානු සූකර උණ වැළඳුන ඌරන් ගැන වාර්තා වී නෑ. මෙම රෝගය සම්බන්ධයෙන් වට්ස්ඇප් හා දුරකථන මාර්ගයෙන් ගොවීන් දැනුවත් කර තිබෙනවා. රෝගය පැතිරයෑම වළක්වා ගැනීමට ඌරන්ට එන්නත් කිරීම සිදුකරනවා. නමුත් එම එන්නත් කිරීම 100%ක් සාර්ථක නෑ. රෝගය පැතිර යෑම වළක්වා ගැනීමට ජෛව ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමට ඌරු ගොවිපළවල් හිමියන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය සභාව විසින්ද ඔවුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය මගින් ඌරු මස් අලෙවිය හා ප්‍රවාහනය තහනම් කර තිබෙනවා.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories