2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:52
නවතම පුවත්

ගම්මන්පිලගේ දෙවැනි පාස්කු හෙළිදරව්වත් රජය ප්‍රතික්ෂේප කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ දෙවැනි පාස්කු හෙළිදරව්ව තුළින් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ව ඉලක්ක කර ඇති බව පැහැදිලි වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මහතා පවසා සිටියේ, චැනල් 4 නාලිකාවේ සිදුවීම සම්බන්ධයෙන් වූ වාර්තාව වැරදි බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසීම පවා දේශපාලනික කාරණයක් බවය.

පරීක්ෂණයක් සිදුනොකර එවැන්නක් පැවසුවේ යම් පිරිසක් බේරාගැනීමේ අරමුණින් බව ද පැවසු අමාත්‍යවරයා, කිසිවිටෙකත් එවැනි ක්‍රියාවක් වත්මන් ආණ්ඩුව සිදුනොකරන බව ද පැවසීය.

ප්‍රශ්නය – ඔබතුමා ගම්මන්පිල මහත්තයා විසින් යොමුකළ පළමු වාර්තාව පිළිගන්නේ නෑ කිව්වා. දෙවැනි වාර්තාව පිළිගන්නවා ද ?

“ගම්මන්පිල මහත්තයාගේ උවමනාව හරිම පැහැදිලියි. එතුමා ඉලක්ක කරගන්නේ, රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර මහත්වරුන්ව. ඒ වගේම එතුමා උත්සාහ කරනවා හමුදා බුද්ධි අංශයේ සමහර අය ඉලක්ක කරලා තියෙනවා ඒ අය මේකට සම්බන්ධ නෑ කියලා. ඒක තමා ඔය චැනල් 4 නාලිකාවේ වාර්තා වැඩසටහන පිළිබඳව ඉමාම් මහතාගේ මුලිකත්වයෙන් කරපු වාර්තාව. ඒ වාර්තාවේ අවසානයේ ඔහු කියන්න හදන්නේ ඒකනේ… අපි බලමු. ඔබ පරීක්ෂණ එක එක්කෙනා කියන ඒවා නෙමෙයි. රජයක් විදියට අපි මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් කරනවා ඒ විමර්ශනයෙන් පස්සේ, කොතැනද හරි…කොතැනද වැරදි… කවුද වගඋත්තරකරුවෝ කියලා පැහැදිලිව අවසන් තීන්දු ගන්නවා. ඒ නිසා කලබල වෙන්න ඕනේ නෑ… කවුරු කලබල වුණත් අපි කලබල වෙන්නේ නෑ. මේ වාර්තා කලිනුත් කිව්වා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන විශේෂ බලතල සහිත ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් නෙමෙයි. නිකන්ම නිකන් ජනාධිපතිවරයාට තොරතුරු ගැනීම සඳහා පත්කරන ලද කමිටුවක්. ඒ කමිටුවට කිසිදු නිල බලයක් තියෙන ඒවා නෙමෙයි. ඒ නිසා මේ වාර්තාවල අඩංගු කරුණු පිළිගන්නේ නෑ. පැහැදිලිව කියනවා. ඒ නිසා චැනල් 4 නාලිකාවෙන් ඉදිරිපත් කරපු කරුණු…”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories