2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:13
නවතම පුවත්

ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පසුගියදා අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ අනුව, මේ වනවිට අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හුවමාරු කර ගනිමින් විමර්ශන කටයුතු සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වෙඩික්කරු අපරාධය සිදු කිරීමෙන් අනතුරුව, කුලී රථ සේවාවක් ඔස්සේ ලබාගත් ත්‍රීරෝද රථයකින් කඩොල්කැලේ හංදිය අසලට ගොස්, කොච්චිකඩේ – රිදීවැල්ල මාර්ගයේ නැවතී සිට, නීතීඥයෙකු ලෙස ඇඳ සිටි ඇඳුම් එහි දමා ගොස් ඇති අතර, පසුව අපරාධයට සහාය වූ සැකකාරිය වෙනත් ත්‍රීරෝද රථයකින් ඔහු සිටි ස්ථානයට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අදාළ වෙඩික්කරු 2019.12.12 දින ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන කමාන්ඩෝ බලකායට බැඳී රාජකාරී කර, 2024 මැයි මාසයේදී පොදු සමාව යටතේ ඉන් ඉවත්ව ඇති බවට වාර්තා වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා සඳහන් කළා.

අපරාධය සිදු කිරීමට පෙර වෙඩික්කරු හා කාන්තාව කඩුවෙල පිහිටි ලැගුම්හලක සිට ඇති බවත්, එහි පැමිණි පුද්ගලයෙක් පාර්සලයක් ලබාදී ඇති බවත්, එහි අපරාධය සිදු කිරීමට යොදාගත් ගිනි අවිය සහ නීතීඥ ඇඳුම තිබී ඇති බවට සැකකරුගේ ප්‍රකාශ මත සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මියගිය ගණේමුල්ල සංජීවගේ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් ඊයේ (20) දින සිදුකර ඇති බවද, මෘතදේහය ඔහුගේ මවට භාර දී ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. 

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories