2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:41
නවතම පුවත්

ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් – බන්ධනාගාර කොමසාරිස්

අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී වෙඩි තැබිමකිගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් න් ජීතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නැමති සැකකරු අද අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 09 වෙත භෞතික ඉදිරිපත් කිරීමක් සඳහා ගෙන ආවේ අධිකරණය විසින් සිදුකර තිබූ නියෝගයකට අනුව බවය.

ඊට අමතරව අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 වෙත නඩු දෙකක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව, මොහු විශේෂ ගණයේ සැකකරුවකු වන බැවින් ප්‍රමාණාවත් ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර නිළධාරීන් භාරයේ, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිළධාරීන් හා පොළිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ බූස්ස බන්ධනාගාරයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ අද කොළඹ අලුත් කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව එම නිවේදනයේ දැක්වේ.

එහිදී, පෙරවරු 09.45 ට පමණ මහෙස්ත්‍රාත් අධිකරණ ශාලාවේ විත්ති කූඩුව තුළදී නාදුනන පුද්ගලයකු විසින් සැකකරුහට මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඒ මහතා සඳහන් කර තිබේ.

අනතුරින් බරපතළ තත්ත්වයේ පසු වූ සැකකරු කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇත.

සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු යොදවා විමර්ශන කටයුතු සිදුකරමින් පවතින අතර, ඊට අමතරව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මගින් මූලික විමර්ෂණයක්ද මේවන විට ආරම්භ කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories