2025 අගෝස්තු 15 සිකුරාදා, 15:39
නවතම පුවත්

ගණේමුල්ල සංජීවගේ ඝාතකයා කියා පොලිසිය එළියට දාපු වැරදි නමේ ඇත්ත අයිතිකරු උසාවි යයි

පාතාල නායකයකු ලෙස සැළකෙන ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් යන නම වැරදි ලෙස හඳුනාගැනීම සහ එය ප්‍රසිද්ධියේ සඳහන් කිරීම හේතුවෙන් අදාළ නම හිමි පුද්ගලයාගේ පවුලට අසාධාරණයක් වී ඇති බව පවසමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකර ඇත.

මෙම මෝසම ගොනුකර ඇත්තේ සැබෑ මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන්ගේ සහෝදරයෙකු විසින් වන අතර, මෙම ඝාතනය සම්බන්ධයෙන් පෙබරවාරි 19 වන දින අත්අඩංගුවට ගත් සැකකරු මෙම නම හිමි සැබෑ පුද්ගලයා නොවන බව එහිදී පෙන්වාදී ඇත.

නීතිඥ නුවන් ජයවර්ධන වෙනුවෙන් නීතිඥ දසුන් පෙරේරා අධිකරණයට දැනුම්දුන්නේ, පොලිසිය වෙනත් පුද්ගලයකු රඳවාගෙන සිටින බවත්, මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් සහ අත්අඩංගුවට ගත් සැකකරු වෙනස් පුද්ගලයන් දෙදෙනෙකු බවත්ය.

මෙම වැරදි හඳුනාගැනීම ෂෙරිෆ්ඩීන්ගේ පවුලට නීතිමය සහ සමාජීය වශයෙන් දුෂ්කරතා ඇතිකර තිබෙන බවට නීතිඥවරයා සඳහන් කර ඇති අතර සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු දැක්වීම් සැළකිල්ලට ගනිමින්, ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නීතිඥවරුන්ට දැනුම් දුන්නේ සැකකරු තවමත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින්, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තම සේවාදායකයා ඉල්ලීම ඉදිරිපත් කළ යුතු බවයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories