2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 14:11
නවතම පුවත්

ගංවතුරින් මිනිස් ජීවිත රැසකට අයහපත් බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 11ක පවුල් 18,795කට අයත් පුද්ගලයින් 76, 218 දෙනකු බලපෑමට ලක්ව ඇත.

ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජලගැලීම්, අධික සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් එම තත්ත්වය නිර්මාණය වී ඇති බවය.

මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එහි පවුල් 16,707කට අයත් පුද්ගලයින් 68,672 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇත.

මෙම ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 233ක් වන බව වැඩි දුරටත් සඳහන්ය.

මේ අතර ගතවු පැය 24ක කාලය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් අත්තනගලුඔය හා කැලණි, ගිං, නිල්වලා සහ කළු යන ගංගාවල ජල මට්ටම් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු ජී.ඩබ්ලිව්. සකුරා දිල්තාර මහත්මිය.

ගතවු පැය 24 තුළ බොහෝ ප්‍රදේශයන්ට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබී තිබුණා. මේ තත්ත්වය හමුවේ අත්තනගලුඔය ද්‍රෝණියෙත්, කළු, කැලණි, ගිං යන ද්‍රෝණිහි ජල මට්ටම් මේ වනවිට අඩුවෙමින් පවතිනවා. නමුත් තවමත් ජලයෙන් යට වූ ප්‍රදේශ පවතින නිසා ජනතාව  ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වනවා. විශේෂයෙන්ම අත්තනගලුඔය ද්‍රෝණියේ තවමත් ජලයෙන් යටවූ පහත්බිම් ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළයුතු වෙනවා. ඒ වගේම කැලණි ගංගාව අවට පහත් බිම් තවම ජලයෙන් යටවී පවතිනවා. කෙසේවෙතත් මෙම තත්ත්වය ක්‍රමක් ක්‍රමයෙන් අඩුවීමක් බලාපොරොත්තු වෙනවා. වර්ෂාව අඩුවීමත් සමග මෙම ගංගා ද්‍රෝණින්හි ජල මට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක තමයි පවතින්නේ එම නිසා ඉදිරියේදී සැලකිය යුතු වර්ෂාවක් ලැබුණොත් මෙම ගංගා ඉතා ඉක්මනින් නැවතත් ඉහළ ගංවතුර තත්ත්වයන් දක්වා පැමිණිමට හැකියාවක් පවතිනවා.”      

මේ අතර ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම්  තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරයි.

ඒ අනුව දිස්ත්‍රික්ක 09 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 47ක් සඳහා නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනය අද පස්වරු 4 දක්වා බලපැවැත්වෙන බව එම සංවිධානය  නිවේදනය කරයි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories