දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ ගංගා ද්‍රෝණි 12ක් සදහා ගංවතුර අවදානම් නිවේදනයක්හේතුවෙන් හෙට සිට ලබන 28 වනදා දක්වා මල්වතු ඔය ඇතුලු ගංගා ද්‍රෝණි 12ක් සදහා ගංවතුර අවදානම් නිවේදනයක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, මල්වතු ඔය, කලා ඔය, කනගරායන් ආරු ඔය, මා ඔය, පරංගි ආරු ඔය යන ගංගා ද්‍රෝණි සදහා එලෙස ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එමෙන්ම මහවැලි ගඟ, මාදුරු ඔය, මුන්දෙණිආරු, ගල් ඔය, හැඩ ඔය සහ විල ඔය යන ගංගා ද්‍රෝණි සදහා ද එම නිවේදනය බලාත්මකයි.