2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:25
නවතම පුවත්

කොළොම්බියාවෙන් කටුනායකට එවූ කොකේන්.

කටුනායක ගුවන් බඩු ගම්මානයේ කූරියර් සේවයක් හරහා නිදහස් කරන ලද පාර්සලයක තිබී කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.139ක් සොයාගත් බව රේගු නිවාරණ අංශයේ කටුනායක කාර්‍යාලයේ නිලධාරීන් පැවසීය.

කොළොම්බියාවේ බොගොටා නගරයේ සිට ගණේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් එවා තිබූ මෙම පාර්සලයේ අඩංගුව තිබූ විදුලි උපකරණයක සූක්ෂ්ම ලෙස සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් සැක පිට මාලිගාවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 23 හා 24 වන පුද්ගලයන් දෙදෙනෙකු හා භාණ්ඩ නිශ්කාෂණ නියෝජිතයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.

කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 75කට තක්සේරු කර ඇත.

වැඩිදුර විමර්ශන සඳහා එම මත්ද්‍රව්‍ය හා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශය වෙත භාරදීමට නියමිතය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories