කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මැයි මාසයේ වාර්තා වූ -0.7% සිට 2025 ජුනි මාසයේ දී -0.6%ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම අගය සෘණ අගයක් වුවද, පසුගිය මාසයට සාපේක්ෂව සුළු වැඩිවීමක් පෙන්නුම් කරයි.
වාර්තාවට අනුව, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2025 මැයි මාසයේ වාර්තා වූ 5.2% සිට 2025 ජුනි මාසයේ දී 4.3%ක් දක්වා අඩුවීමක් පෙන්නුම් කරයි. මෙය මහජනතාවට යම් සහනයක් ගෙන දෙනු ඇත.
කෙසේ වෙතත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2025 මැයි මාසයේ -3.3%ක් ලෙස වාර්තා වූ අගයේ සිට 2025 ජුනි මාසයේ දී -2.8%ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම දත්තයන්ගෙන් පෙනී යන්නේ, සමස්ත උද්ධමනය තවදුරටත් සෘණ අගයක පැවතුනද, එය සුළු වශයෙන් ඉහළ යෑමට ආහාර නොවන අංශයේ මිල ගණන් වල බලපෑමක් ඇති වී ඇති බවයි. රජය විසින් ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීමට ගන්නා පියවරයන් ඉදිරි මාසවලදී උද්ධමනයට කෙසේ බලපානු ඇත්දැයි බලා සිටිය යුතුය.