2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 22:16
නවතම පුවත්

කොළඹ,ගාල්ල,මහනුවර දියුණු කරන්න මෝදි කිවුවා චෙන්නායි IIT ආයතන මණ්ඩපයක් හදන්න කියලා

කොළඹ, ගාල්ල, මහනුවර වගේම ත්‍රිකුණාමලය යන නගර ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන ලෙස ගොඩනැඟීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ජනාධිපතිවරයා පැවසුවේ, මහනුවර පුරවරය සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවය.

“මම විශේෂයෙන් ජපානයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා අපේ මධ්‍යම අධිවේගී මාර්ගය ගලගෙදරින් නවත්වන්නේ නැතුව, කටුගස්තොට වෙනකල් ගෙනියන්න. විශාල නාගරික ප්‍රදේශයක් හැටියට ඇතුළු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මහනුවර විශාල මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකරන්න දැන් සැලසුම් හදලා තියෙන්නේ. 4ක් හදලා තියෙනවා කොළඹ, ගාල්ල, මහනුවර සහ ත්‍රිකුණාමලය. මේ හතර තමා ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන විදියට දියුණු කරන්න තියෙන්නේ. මෝදි එක්ක මම සාකච්ඡා කළා. එතුමා ප්‍රකාශ කළා චෙන්නායි IIT ආයතනය මණ්ඩපයක් ලංකාවේ ආරම්භ කරන්න කියලා. මම ඒ සඳහා මහනුවර නම් කරලා, දැන් යෝජනා කරන්නේ ගලහා ආරම්භ කරන්න. ජාත්‍යන්තර දේශගුණ පරිවර්තන විශ්වවිද්‍යාලය කොත්මලේ ඇති කරන්න, සංස්කෘතික අංශයෙන් පමණක් නෙමෙයි අධ්‍යාපන අංශයෙනුත් මහනුවර දියුණු කරන්න. මේ සැලසුම් තියෙන්නේ ඊළඟ වසර 10 තුළ මහනුවර ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත්කරන්න.”

බෝගම්බර බන්ධනාගාරයේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා කර ගනිමින් හිල්ටන් සමාගම සමග එක්ව හෝටලයක් බවට පත්කිරීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

“පරණ තැපැල් කාර්යාලය සමගම ටාජ් හෝටලය ඇති කරන්න අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම බෝගම්බර ප්‍රදේශයේ තවත් ඉඩම් කිහිපයක් තියෙනවා අපිට ඒ සඳහා සංචාරක හෝටල් විදියට යොදවන්නත් මහනුවර දකුණ ඩිපෝව ඒ සඳහා යොදා ගන්න පුළුවන්. අපිට දැනට මහනුවර වෙළෙඳ පොළ අලුතින් සකස් කරන්නත්, නැසී ගිය කෙරිහිල් ගෘහනිර්මාණ ශිල්පියාගේ සමාගමෙන් බෝගම්බර ප්‍රදේශයත් මාළිගාවත් එකතු කරන්නත් සැලසුමක් තියෙනවා…”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories