කොවිඩ් ලොක්ඩවුන් හේතුවෙන් ගැහැණු ළමුන් කල්තියා වයසට ගිහින්
ගතවූ කොවිඩ් වසංගත සමයේ නිවසට ගාල්වීම හේතුවෙන් තරුණ වයසේ අයට සිදුවූ ජීව විද්‍යාත්මක වෙනස්කම් පිළිබඳ අධ්‍යයනයකින් විස්මිත තොරතුරු හෙළිදරව් වී තිබේ. බ්‍රිතාන්‍යයේ පළවන ද ගාර්ඩියන් පුවත්පතේ සඳහන් මෙම වාර්තාවට අනුව
කොරෝනා වැළඳීමක් මෙයට සම්බන්ධ නැත. රෝගය ඇතත් නැතත් නිවසට වී සිටීමට සිදුවීම නිසා පුද්ගලයින්ගේ මොළයේ වර්ධනය අසාමාන්‍ය ආකාරයට සිදුවීම කරණ කොට විශේෂයෙන් ගැහැනු දරුවන් වයසට වඩා පරිණතවී ඇති බව හදුනාගන්නට ලැබී තිබේ.
මෙම වෙනස්කම් සෘණාත්මක ප්‍රතිඵල ඇති කරන්නේද යන්න පැහැදිලි නැත, නමුත් මෙම සොයාගැනීම් නව යෞවනයන්ගේ මානසික සෞඛ්‍යය සහ ඉගෙනීමේ හැකියාව කෙරෙහි බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති බවට සැකයක් මතු කර ඇතැයි අධ්‍යයනය පෙන්වා දෙයි.
“මෙම දත්ත අපව කම්පනයට පත් කළා, වෙනස මෙතරම් දරුණු වීම ගැන,” යැයි පර්යේෂණය සිදු කළ ඇමරිකා එක්සත් ජනපදයේ සියැටල් හි වොෂිංටන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම් හා මොළය පිළිබඳ විද්‍යා ආයතනයේ සහ අධ්‍යක්ෂ මහාචාර්ය පැට්‍රීෂියා කුල් පැවසුවාය.