2025 අගෝස්තු 15 සිකුරාදා, 15:35
නවතම පුවත්

කිරි සම්බා හිඟයට විසඳුමක්: සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

මෙරට වෙළෙඳපොළේ පවතින කිරි සම්බා සහල් හිඟයට විසඳුමක් ලෙස, සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා ආරක්ෂක කමිටුව නිර්දේශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) අද නිවේදනය කළේය.පාරිභෝගිකයාට අවශ්‍ය පරිදි කිරි සම්බා සහල් වෙළෙඳපොළ තුළ නොමැති වීම හේතුවෙන් රජය විසින් මෙම ප්‍රතිපත්තිමය තීරණය ගෙන තිබේ. ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය විසින් පෙන්වා දෙන ලද කරුණු පදනම් කර ගනිමින්, කිරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීම සඳහා එම කමිටුව විසින් නිර්දේශ කර ඇත.ආනයනය කිරීමට නියමිත සහල් ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 5,000ක් රජයේ ආයතන හරහාත්, ඉතිරිය පෞද්ගලික අංශය හරහාත් ආනයනය කිරීමට තීරණය වී තිබේ. රටේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා එම කමිටුව ජනාධිපති කාර්යාලයේදී ජුනු 25 එනම් ඊයේ දින රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.මෙම තීරණ ගැනීමට පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතාව සපුරාලීම මෙන්ම දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම, වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා හේතු වී ඇති බව සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙයි. එමෙන්ම දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා සතොස ආයතන සහ වී අලෙවි මණ්ඩලය හරහා වී කිලෝවක් රුපියල් 120 මුදලකට මිලදී ගැනීම අඛණ්ඩව පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories