ජම්මු සහ කාශ්මීරයේ රියාසි දිස්ත්‍රික්කයේ බක්කල් සහ කවුරි කලාප යා කරමින් මෙම දුම්රිය පාලම ඉදිකර තිබෙන අතර, මෙය චෙනාබ් දුම්රිය පාලම ලෙස නම්කර ඇත.
ඉන්දීය බලධාරීන්ට අනුව මෙය ඉදිකර ඇත්තේ ඉන්දියානු පාලනය යටතේ පවතින කාෂ්මීර ප්‍රාන්තය ඉන්දියාවට වඩාත් සමීප කිරීමේ අරමුණින් ය.
චෙනාබ් ගංගාවට ඉහළින් දිවෙන මෙම පාලම මතින් මේ වනවිට දුම්රියක්ද ධාවනය කර අත්හදා බැලීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබේ.
හිමාල කඳුවැටිය අතරින් ඉදිකර තිබෙන මෙම විස්මිත පාලම ලොව වැඩිම උසකින් පිහිටුවා ඇති ආරක්කු පාලම ද වෙයි.
මෙය අයිෆල් කුලුනට වඩා මීටර් 35ක් පමණ උසකින් යුතු බව සඳහන්.
තනි ආරුක්කුවක් ආකාරයෙන් නිර්මාණය කර ඇති චෙනාබ් දුම්රිය පාලම මීටර් 1,315 ක දිගකින් යුක්ත වන අතර, එහි උස මීටර් 359කි.
මෙම දුම්රිය පාලම නිම කිරීමට අවුරුදු 20ක පමණ කාලයක් ගත වී තිබෙන අතර, ඒ සඳහා ඉන්දීය රජය ඩොලර් මිලියන 168 වියදමක් දරා ඇත.
ජම්මු හී දරුණු කාලගුණික තත්ත්වයන් දක්නට ලැබෙන ප්‍රදේශයක් වුවත්, ඒ ඕනෑම කාලගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන ලෙසින් මෙම පාලම ඉදිකර ඇත.
තවද ප්‍රවාහනයේදී බලපෑම් එල්ල කළ හැකි නායයෑම්, හිමපතනය, ජල ගැලීම් සහ ගස් කඩා වැටීම් වැනි බාධාකාරී ඕනෑම තත්ත්වයකටද මුහුණදිය හැකි ලෙසද මෙය ඉදිකර තිබීම විශේෂත්වයකි.බක්කල් සහ කවුරි කලාපයේ ඇති දුෂ්කර පිහිටීම සහ පාරිසරික සාධක හමුවේ මෙම පාලම ඉදිකිරීම ඉන්දීය ඉංජිනේරු ශිල්පයේ ආශ්චර්යමත් නිර්මාණයක් ලෙස සැලකෙයි.
මෑත ඉතිහාසයේ ඉන්දියාවේ දුම්රිය ව්‍යාපෘතියක් මුහුණ දුන් විශාලතම සිවිල් ඉංජිනේරු අභියෝගය මෙය බව ද සඳහන් ය.