පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් මෙරට මානසික රෝගවලට ගොදුරු වන පුද්ගලයන් සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරන බව අනාවරණය වී තිබේ.
කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා සඳහන් කළේ, ගෝලීය උණුසුම ඉහළ යාමත් සමඟ ආතතියෙන් සහ විශාදයෙන් පෙළෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. මෙම තත්ත්වය, පරිසරයේ සිදුවන වෙනස්කම් මිනිස් මනසට බලපාන ආකාරය පිළිබඳව නව අවධානයක් යොමු කිරීමට හේතු වී ඇත.