ඉන්දියාවේ නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ අතර පවත්වා ගෙන ගිය මගී නැව් සේවාවේ දෙවන අදියරය යළිත් ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බව ”ශිව ගංගා ”නැව් සමාගම 6 දා නිවේදනය කොට ඇති බව වාර්තා වේ.
ඒ නැව් සේවාව ක්රියාත්මක වූ මුල් අවස්ථාවේදී ‘’චෙරියපානී’’ නැව් සමාගම විසින් දෙරට අතර මගී නැව් සේවාව පවත්වා ගෙන ගිය අතර හදිසියේම ඇති වූ කාලගුණික විපර්යාසය නිසා නැව් සේවාව තාවකාලිකව නවතා දමන්නට සිදු වූ අතර ”ශිව ගංගා ‘’ නැව් සේවාව දෙවන අදියරයේදී එම නැව් සේවාව ආරම්භ කිරීමට අවස්ථා කීපයක්ම සූදානම් වූවත් තාක්ෂණික දෝෂ කීපයක් නිසා එය අසාර්ථකව ඇත.
ඒ නැව් සේවාව ආරම්භ වීමත් සමගම ඉරිදා හැර සෙසු දින හයේම ඒ සේවාව ක්රියාත්මක කරන අතර එක් මගියෙකු සදහා තනි ගමන් ගාස්තුව රුපියල් 26000 ක් වන අතර එක් වාරයකදී කිලෝ ග්රෑම් 60 ක බරක් සමග මගීන් 150 කට මෙම නෞකාවේද ගමන් කළ හැකි වේ.
මෙම නැව් සේවාවෙන් ගමන් කරණ මගීන් සදහා යාපනයේ ස්ථාන තුනකදී හා ඉන්දියාවේ ස්ථාන 12 කදී අදාල ටිකට් පත් මිලට ගැනීමටද කටයුතු සූදානම් කොට ඇත.