2025 අගෝස්තු 15 සිකුරාදා, 04:57
නවතම පුවත්

කඩුලු වැටුණත් එංගලන්තය ශක්තිමත්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයට තරග නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 07ක් බිඳවැටී ලකුණු 358ක් රැස්කරගෙන සිටියේය.

කඩුල්ලේ රැඳී සිටින ගස් ඇට්කින්සන් ලකුණු 74ක් හා මැතිව් පොට්ස් ලකුණු 20ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 08වැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් පවත්වමින් සිටියි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමුව පන්දු යැවීම තෝරාගත්තද, ජෝ රූට්ගේ අගනා ශතක ඉනිම හේතුවෙන් එම තීරණයෙන් සැලකිය යුත් සාර්ථකත්වයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නොහැකි වූහ.

එංගලන්ත ඉනිමේ පළමු කඩුලු 04 ලකුණු 130ක් තුළදී දවාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුවත්, ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩාකළ ජෝ රූට් ලකුණු 143ක් රැස්කර ඉනිමේ 07වැනි කඩුල්ල ලෙසින් දැවි ගියේය. පන්දු 206කින් ගොඩනැගුණු රූට්ගේ ඉනිමට හතරේ පහර 18ක් ඇතුළත් විය.

මෙය සිය ක්‍රිකට් දිවියේ රූට් වාර්තාකළ 33වැනි ටෙස්ට් ශතකය විය.

ඔහුට අමතරව ආරම්භක පිතිකරු බෙන් ඩකට් ලකුණු 40ක්, හැරී බෘෘක් ලකුණු 33ක් හා ජෙමී ස්මිත් ලකුණු 21ක් රැස්කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු (2/84), මිලාන් රත්නායක (2/80) හා ලහිරු කුමාර (2/75) කඩුලු 02 බැගින් දවාගැනීමට සමත් විය.

අද තරගයේ දෙවැනි දිනයයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories