අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කර වෙනත් අයෙකු පත් කිරීමට සූදානම් වන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අවධාරණය කරයි. ගුවන් විදුලි වැඩසටහනකට එක් වෙමින් අදහස් දක්වමින් ඇය කියා සිටියේ, විරුද්ධවාදීන් විසින් ආණ්ඩුව සහ පක්ෂය පිළිබඳව විවිධ අසත්‍ය පුවත් පතුරුවමින් සිටින බවයි.
මෙවන් අසත්‍ය ප්‍රකාශයන් වසර ගණනාවක් තිස්සේම පැතිර යන බවත්, ඒවා කිසිවක් මෙතෙක් සිදුවී නොමැති බවත් ඇය පෙන්වා දුන්නාය. එමෙන්ම, වත්මන් ප්‍රචාරයන් ද සත්‍ය නොවනු ඇති බවට ඇය විශ්වාසය පළ කළාය.