2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 04:40
නවතම පුවත්

ඖෂධ වර්ග 110ක් පිටරටින් ගෙන්වන සූදානමක්

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් සිටියදි ඖෂධ වර්ග 110 ක් පමණ විදෙස් රටවල් හතක ආණ්ඩු සමග සාකච්ජා කර ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ සඳහා වූ විශේෂ සාකච්ජාවක් විදේශ කටයුතු අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත්වීමෙන් තානාපති කාර්යාල සමග පවත්වා ඇත.

ඉන්දියාව, පාකිස්ථානය, චීනය, බංග්ලාදේශය වැනි රටවල මෙරට පිහිටි තානාපති කාර්යාල නිලධාරින් සමග මෙම සාකච්ජාව පවත්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙලෙස ලබාගන්නා ඇතැම් ඖෂධවලට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් සිටින අතර ඔවුන් පසුගිය කාලයේ එම ඖෂධ ටෙන්ඩරවලට ඉදිරිපත් නොවූ බවද සෞඛ්‍ය අමාත්‍යංශය හඳුනාගෙන තිබේ.

එහෙත් සැපයුම්කරුවන් පෙන්වා දෙන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ටෙන්ඩර මණ්ඩලවල ඇති අකාර්යක්ෂමභාවය නිසා එවැනි තත්ත්වයක් මතුවූ බවයි.

මේ වන විට ටෙන්ඩර දහසකට ආසන්න සංඛ්‍යාවක් සිරවී ඇති බවද සැපයුම්කරුවෝ පෙන්වා දෙති. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (24 වැනිදා) පස්වරුවේ පැවැති ඖෂධ සමාලෝචන රැස්විමේදී ද ඖෂධ හිඟය ගැන සාකච්ජා කර ඇත.

ඖෂධ වර්ග 200 කට ආසන්න සංඛ්‍යාවක් හිඟව ඇති බව මෙහිදී අනාවරණය වී තිබේ.

තවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ වර්ග අසූපහකට ටෙන්ඩර් ගිවිසුම් අත්සන් නොකර ඇති බවත් තවත් ඖෂධ වර්ග 42 කට ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ණයවර ලිපි නිකුත් නොකර ඇති බවද අනාවරණය වෙයි. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් අදහස් පළ කළත් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දුන්නේ රෝහල්වල අක්ෂි කාච, හෘද කැතීටර් සහ ස්ටෙන්ස් හිඟයක් පවතින බවයි.

හෘද ඇන්ජියොග්‍රෑම් පරික්ෂණ සඳහා අවශ්‍ය කැතිටර් සහ ස්ටෙන්ස් හිඟ වීමෙන් රෝගීන්ට වැඩි මිලට බාහිරෙන් මිලට ගැනීමට සිදුව ඇති බව එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories