මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය සීඝ්‍රයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස, රත්මලාන පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) කටයුතු පිළිබඳව කරුණු සොයා බැලීමේ වැඩසටහනකට එක්වෙමින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් ලබාදී තිබේ.
ජනතාවගේ ප්‍රතිකාර කටයුතු සඳහා රෝහල් පද්ධතියට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග අඛණ්ඩව සැපයීම විවිධ කරුණු නිසා වර්තමානයේ අභියෝගයක් වී ඇති බැවින් මෙම කඩිනම් පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.