2025 අගෝස්තු 15 සිකුරාදා, 04:56
නවතම පුවත්

එක් ඡන්ද දායකයකු සඳහා රුපියල් 109 වැය කරයි.

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයෙක් සඳහා වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ දී නිකුත් කර තිබේ.යෝජිත මුදල් ප්‍රමාණය සමස්ථ ඡන්දායකයන්ගෙන් ගුණ කිරීමෙන් වැය කළ හැකි සමස්ත මුදල් ප්‍රමාණය ගණනය කළ හැකියි.

මැතිවණ කොමිසම විසින් තීරණය කරනු ලබන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කරන්නේ නම් එය නීතිවිරෝධි ක්‍රියාවක් වන අතර අදාළ මැතිවරණ නීතිය යටතේ ඡන්ද අපේක්ෂකයාට දඬුවම් කළ හැකි බව සඳහන්.මැතිවරණ ප්‍රතිඵල නිකුත් කළ දිනයේ සිට දින 21ක් ඇතුළත් අදාළ වියදම් වාර්තා නම් කරන ඇති නිලධාරියා වෙත භාරදිය යුතුයි.

අදාළ වාර්තා ලබාගැනීමේ සිට දින 10ක් අවසන් වීමෙන් අනතුරුව එය මහජනතාවට පරීක්ෂා කිරීමට ඉඩ ලබා දිය යුතු බවත්, ඒ සඳහා සුදුසු වේලාවක් සහ ස්ථානයක් නම් කර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යවල පුවත්පත් දැන්වීම් පළ කළ යුතු බවත් අදාළ පනතෙහි සඳහන්.භාර දෙන ලද වියදම් වාර්තා සහ ප්‍රකාශනය පරීක්ෂා කර බැලීමට ජනතාවට අවසර දිය යුතුයි.

එමෙන් ම එහි පිටපතක් මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කරන ලද මුදලක් ගෙවා ලබා ගත හැකි බවයි අදාළ පනතේ දක්වා ඇත්තේ.මැතිවරණය සඳහා නියමිත මුදල් ප්‍රමාණයට වඩා අපේක්ෂකයින් වියදම් කර ඇතැයි හැඟෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිලි කරන‌ ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

යම් අයෙක් මහාධිකරණයක් මඟින් වරදකරු වූ විට ඒ සම්බන්ධ වූ මැතිවරණ පනත්වල නියම කර ඇති දණ්ඩනයට යටත් විය යුතුයි. ඒ අනුව රුපියල් ලක්ෂයක මුදලක් නොඉක්මවන දඩයක් නියම වනු ඇති.වරදකරු වීම හේතුවෙන් වසර තුනක කාලයකට ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීමේ හැකියාව ද අහිමි වන බව සඳහන්.එමෙන් ම ජයග්‍රහණය කළ අපේක්ෂකයෙකු නම් ඔහුගේ ධුර අහෝසි කිරීමේ බලය මැතිවරණ කොමිසම සතු වනවා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories