‘උරුමය’ ඉඩම් ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු ද යන්න සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබේ.
ඒ, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා විසිනි.
එම කමිටුවට සාමාජිකයින් 9 දෙනෙකු ඇතුළත්.
ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ, කඩිනමින් අදාළ නිර්දේශ ලබාදෙන්නැයි කමිටුවට දැනුම්දී ඇති බවයි