2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 03:09
නවතම පුවත්

ඊශ්‍රායලයට රුදුරු වුණු ලැව්ගින්න

ඊශ්‍රායලයේ ජෙරුසලමට ආසන්නයේ පිහිටි එෂ්තාඕල් වනාන්තරයේ ඊයේ (30) හටගත් ගින්න මේ වනවිට දරුණු ලැව්ගින්නක් ලෙසින් පැතිර යමින් පවතින අතර, ජෙරුසලෙම් සහ ටෙල් අවීව් නගර අතර ජෙරුසලෙම් නගරයට වඩාත් ආසන්නයෙන් මෙම ගින්න පැතිර යමින් තිබේ. එරට පවතින අධික වියළි කාලගුණය සහ ඉහළ සුළං ප්‍රවාහය මෙයට හේතු වී ඇත.

මෙම ගින්න නිසා ඊශ්‍රායලයේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු විපතට පත්වී ඇත්නම් ඒ පිළිබඳව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්වත් කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා දන්වා සිටියි.

මෙම ලැව්ගින්න නිසා දැනටමත් හෙක්ටයාර 3,000කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබේ.

එහි බලපෑමෙන් ජෙරුසලෙම් සහ ටෙල් අවීව් යා කරන ප්‍රධාන අධිවේගී මාර්ගයක් වන රූට් වන් මාර්ගය වසා දැමුණු අතර, ඇතැමුන්ට සිය රථ වාහන ද අතහැර යාමට සිදුවිය.
මේ සදහා ගිනි නිවන අංශ 150කට අධික සංඛ්‍යාවක් යොදවා ගුවන් මගින් ද ගිනි නිවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

ඒ අනුව ඊශ්‍රායලය, ඒ සඳහා විදෙස් රටවල සහාය ඉල්ලා සිටින අතර, ජෙරුසලෙම් දිස්ත්‍රික්ක ගිනි නිවන දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය ඊශ්‍රායලයට බලපෑ දරුණුතම ලැව්ගින්න වීමේ සම්භාවිතාවක් පවතින බවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories