2025 අගෝස්තු 16 සෙනසුරාදා, 15:04
නවතම පුවත්

ඉල්ලන අයට ප්‍රින්ට් කරපු ලයිට් බිල දෙන්නැයි උපයෝගීතා කොමිසමෙන් මණ්ඩලේට නියෝගයක්

බොහෝ පාරිභෝගිකයන් සහ විදුලි පාරිභෝගික සංගමය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි රාශියක් පිළිබඳ අවධානය යොමු කරමින්, ඉල්ලා සිටින පාරිභෝගිකයන්ට මුද්‍රිත විදුලි බිල්පත් නිකුත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කර තිබේ.

විදුලි පාරිභෝගික සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික පැවසුවේ පාරිභෝගිකයන් වෙනුවෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට නැවත නැවතත් අභියාචනා කිරීමෙන් පසුව මෙම කොන්දේසිය පනවා ඇති බවයි.

පසුගිය සමයේ විදුලිබල මණ්ඩලය කෙටි පණිවුඩ හෝ විද්‍යුත් බිල්පත් මත පමණක් විශ්වාසය තබා ඇති බැවින් මුද්‍රිත මාසික බිල්පත් නොලැබීම හේතුවෙන් බොහෝ දෙනෙකු මුහුණ දෙන අභියෝග ගැන ඔහු පෙන්වා දී තිබේ.

“ස්මාර්ට්ෆෝන් නොමැති පාරිභෝගිකයන්, අක්‍රිය දුරකථන ඇති අය හෝ පද්ධතිය තුළ ගෙවීම් වාර්තා නිසි ලෙස යාවත්කාලීන නොවුණු අයට බොහෝ වෙලාවට මෙම දැනුම්දීම් මග හැරෙන්න පුළුවන්. අඑය අවසානයේ විදුලිය විසන්ධි වීමට හේතු වෙන්නත් පුළුවන්,” යැයි ධම්මික පැහැදිලි කළේය.

විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට දුරකථන හානි වූ විට හෝ අක්‍රිය වූ විට ඒවා යථා තත්ත්වයට පත් කර ගැනීමට ද ගැටලුවක් වන අවස්ථා ඇති බව ඔහු පැවසීය.

මුද්‍රිත බිල්පත් නිකුත් නොකළ කාලය තුළ, විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 350කට වඩා අමතර මාසික ලාභයක් උපයා ඇති බවත්, එම ප්‍රතිලාභය පාරිභෝගිකයන්ට ලබා නොදුන් බවටත් ධම්මික චෝදනා කළේය.

මෙම ගැටළු වලට ප්‍රතිචාර වශයෙන්, ඊළඟ බිල්පත් සංශෝධනයේදී සියලුම පාරිභෝගිකයින්ට මුද්‍රිත බිල්පත් ලබා දිය යුතු බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැන් නියෝග කර ඇත.

තවද, කෙටි පණිවුඩ හෝ විද්‍යුත් බිල්පත් සේවා ලබා දිය යුත්තේ එවැනි විකල්ප සඳහා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන පාරිභෝගිකයන්ට පමණක් බව ධම්මික පැවසීය.

නවතම පුවත්

1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

උණුසුම් පුවත්

1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories