2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:23
නවතම පුවත්

ඉන්දීය අගමැති මෝදි අද අනුරාධපුරයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමට නියමිතව තිබේ.

ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව – අනුරාධපුර දුරකථන සංඥා පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වන අතර නවීකරණය කරන ලද මහව – ඕමන්ත දුම්රිය මාර්ගය විවෘත කිරීම ද අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

පොලීසිය පවසන්නේ මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ අනුරාධපුර සංචාරය හේතුවෙන් අද දිනයේ අනුරාධපුර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ශ්‍රී මහා බෝධිය දක්වා වූ රෝහල් වටරවුම, හරිස්චන්ද්‍ර මාවත, පළාත් සභා වටරවුම, ඔරලෝසු කණුව වටරවුම සහ කුරුණෑගල හන්දිය දක්වා වූ මාර්ගයන් පෙරවරු 8.30 සිට විටින් විට වසා තබන බව පොලීසිය සඳහන් කළේය.

ශ්‍රී මහා බෝධිය අසල සිට අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා ගමන් ගන්නා මාර්ග සහ අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට ගුවන් හමුදා කඳවුර දක්වා ගමන් ගන්නා මාර්ග ද අද පෙරවරු 11 තෙක් විටින් විට වසා තැබීමට නියමිතයි.

මෙම මාර්ග වසා තැබෙන අවස්ථාවල දී විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories