2025 ජූනි 21 සෙනසුරාදා, 11:49
නවතම පුවත්

ඉන්දියාවේ දී ISIS කියා ඇල්ලූ ලංකාවේ සිව්දෙනා වෙනුවෙන් සංවිධානයක් ඉදිරිපත් වෙයි

පසුගිය මැයි-ජුනි මාසවල පැවති ඉන්දීය මහ මැතිවරණ සමයේ ත්‍රස්තවාදී චෝදනා මත ගුජරාටයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් හතරදෙනා පිළිබඳ නඩුව විභාග කරන ලෙස සමස්ත ලංකා මුස්ලිම් ලීග තරුණ පෙරමුණ ඉන්දීය මුස්ලිම් ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. නවාස් කානිගෙන් ඉල්ලා ඇත.

මැයි 19 වැනිදා අහමදාබාද් ගුවන් තොටුපළේදී අත් අඩංගුවට ගත් පුද්ගලයන් එම හතරදෙනා හඳුනාගෙන ඇත්තේ මොහොමඩ් නුස්රත්, මොහොමඩ් නෆ්රාන්, මොහොමඩ් රෂ්ඩීන් සහ මොහොමඩ් ෆාරිස් ලෙසය.

සමස්ත ලංකා මුස්ලිම් ලීග තරුණ පෙරමුණේ සභාපති ෂාම් නවාස් පවසා ඇත්තේ, ඔවුන් ආපසු පැමිණියේ දැයි මෙරට පොලිසිය ඔවුන්ගේ පවුල්වල අයගෙන් විමසීම් කරමින් දැඩි අවධානයෙන් පසුවන බවයි.

අලුතින් තේරී පත් වූ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ ප්‍රශ්නය ඉන්දියාව සමඟ ඉහළම මට්ටමින් සාකච්ඡා කළ යුතු බව නවාස් කියයි.

පසුගිය ශ්‍රී ලංකා ආණ්ඩුව කිසිදු අවිනිශ්චිතභාවයකින් තොරව, ඔවුන් හතරදෙනා ISIS සමග හෝ ආගමික අන්තවාදයට සම්බන්ධ නොමැති බවට ප්‍රකාශ කර ඇති බැවින් පරීක්ෂණවල වර්තමාන තත්ත්වය පැහැදිලි කිරීම ඉන්දියාවේ වගකීමක් බව නවාස් අවධාරණය කරයි.

නවාස් ප්‍රකාශ කරන්නේ, තමන් මේ පිළිබඳ ඉන්දීය මුස්ලිම් ලීගයේ සභාපති මහාචාර්ය K. M. කාදර් මොහිදීන්ගේ අවධානයට ද යොමුකළ බවත්, සත්‍යය තහවුරු කරගැනීමට උත්සාහයක් ගන්නා බවට විශ්වාසයක් ඇති බවත්ය.

ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අදාළ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.

නවාස් පවසන්නේ, පසුගිය ජුනි මස මුල් සතියේ එවක විදේශ රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය හමුවීමට ඔවුන්ට අවස්ථාවක් ලබාදුන් බවයි.

“සහතික කිරීම් තිබියදීත්, විදේශ අමාත්‍යාංශය කිසි විටෙකත් අඩුම තරමින් අප වෙත ආපසු ප්‍රතිචාර දක්වන්නවත් කටයුතු කළේ නැහැ. ඔවුන් ව්‍යාපාරික සංචාරයක යෙදී සිටි බව අපට හොඳටම විශ්වාසයි. ඔවුන් ආගමික අන්තවාදයට සම්බන්ධ බවට එල්ල වන චෝදනාවලට කිසිසේත්ම පදනමක් නැත,” යනුවෙන් නවාස් පවසයි.

මේ සතියේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති නරේන්ද්‍ර මෝදි අතර පැවැත්වෙන විධිමත් සාකච්ඡාවලදී ගුජරාට් අත්අඩංගුවට ගැනීම් පිළිබඳ අවධානය යොමුනොවිය හැකි නමුත්, එය කිසිඳු තත්වයක් යටතේ අමතක කිරීමට ඉඩ නොතැබිය යුතු බව නවාස් පවසයි.

“ඔවුන්ට චෝදනා එල්ල කළ යුතුයි, නැත්නම් නිදහස් කළ යුතුය,” යනුවෙන් නවාස් පවසයි.

විශේෂයෙන්ම 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ISIS වෙත දක්වන පක්ෂපාතීත්වය සම්බන්ධයෙන් මෙහි සිටින මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර අවමානයට ලක්කිරීමට ඉඩනොදිය යුතු බව ද ඔහු අවධාරණය කරයි.

අත්අඩංගුවට ගැනීමෙන් ඉක්බිතිව ඇතැම් ජනමාධ්‍ය වාර්තා මගින් ඔවුන් ඉන්දියාවට පැමිණියේ මහමැතිවරණය අතරතුර කලබලයක් ඇති කිරීමට යැයි සඳහන්ව තිබූ බව නවාස් පෙන්වාදුන්නේය.

ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන කණ්ඩායමක් වෙනුවෙන් මැදිහත්වීමේ උත්සාහයක් ලෙස මෙය වැරදි ලෙස අර්ථකථනය නොකළ යුතු බව නවාස් අවධාරණය කළේය.

කොන්සියුලර් ආධාර පිළිබඳ වියානා සම්මුතියට අනුව ශ්‍රී ලංකාව විසින් එම රඳවාගෙන සිටින පුද්ගලයන්ගේ අවශ්‍යතා නියෝජනය කළ යුතුය.

අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පරස්පරවිරෝධී ප්‍රකාශයන් පෙන්වාදුන් නවාස්, සැකකරුවන් වෙත ශ්‍රී ලංකා බලධාරීන්ට ඉන්දියාව ප්‍රවේශය ලබාදුන්නේ දැයි විමසීය.

මෙහි ISIS මෙහෙයුම් සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බොහෝදෙනා සැක මතුකරන බැවින් ස්වාධීන දේශීය පරීක්ෂණයක අවශ්‍යතාව අවධාරණය කළ බව නවාස් පැවසීය.

ඉන්දීය බලධාරීන් විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් කිසිදු බාධාවකින් තොරව විමර්ශනයක් පැවැත්වීමේ වගකීම රජයට පැවරෙන බවද නවාස් පැවසීය.

අහමදාබාද්හි සර්දාර් වල්ලබායි පටෙල් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් සිවුදෙනා ISIS සංවිධානයට සම්බන්ධ බවත් පාකිස්ථාන ජාතිකයකු විසින් සම්බන්ධීකරණය කර ඇති බවත් ඉන්දීය මාධ්‍යවල පුන පුනා ප්‍රකාශ කළ ද, ශ්‍රී ලංකා බලධාරීන් විසින් කරන ලද පරීක්ෂණ ඉන්දීය සොයාගැනීම්වලට පටහැනි බව නවාස් පැවසීය.

අවාසනාවකට මෙන්, නව රජය ද මේ කාරණය සම්බන්ධයෙන් මන්දගාමී බවක් පෙනෙන්නට ඇති බැවින්, ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම සඳහා ඉන්දීය මුස්ලිම් ලීගයේ සහාය ලබාගැනීමට තීරණය වූ බව ද ඔහු සඳහන් කර තිබේ.

ඔවුන් මීට පෙර තහනම් ශ්‍රී ලංකා සටන්කාමී සංවිධානයක් වන ජාතික තවුහිද් ජමාත් (NJT) සමඟ සම්බන්ධ වී සිටි බවත් පාකිස්ථාන ජාතික බකර් අල් බග්දාඩි සමඟ සම්බන්ධ වීමෙන් පසු IS සංවිධානයට සම්බන්ධ වූ බවත් සැකකරුවන් විමර්ශකයන්ට පැවසූ බව ගුජරාට් පොලිස් අධ්‍යක්ෂ ජනරාල් විකාස් සහේ උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියානුවන් 11 දෙනකු ඇතුළු 270කට ආසන්න පිරිසකගේ ජීවිත බිලිගත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික තවුහිද් ජමාත් සංවිධානය වෙත චෝදනා එල්ල වී තිබේ.

ගුජරාට් බලධාරීන් විසින් සිදුකරන ලද අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ඔවුන් හතරදෙනා සමඟ සම්බන්ධ යැයි කියනු ලබන පුද්ගලයන් කිහිපදෙනෙකු මෙරටදී අත්අඩංගුවට ගන්නා ලදී.

තවදුරටත් ප්‍රමාදයකින් තොරව ගුජරාට් කුමන්ත්‍රණය සම්බන්ධයෙන් රජය වාර්තා නිවැරදි කළ යුතු බව නවාස් පවසයි.
( The Island)

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමයට
ජනාධිපති අරමුදල...
web 01
ව්‍යාජ මුදල් ජාවාරමක සුලමුල හතරලියද්දෙන් හෙළිවෙයි
ව්‍යාජ මුදල් ජාවාරමක...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල...

උණුසුම් පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමයට
ජනාධිපති අරමුදල...
web 01
ව්‍යාජ මුදල් ජාවාරමක සුලමුල හතරලියද්දෙන් හෙළිවෙයි
ව්‍යාජ මුදල් ජාවාරමක...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල...

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories