2025 අගෝස්තු 15 සිකුරාදා, 22:18
නවතම පුවත්

ඉන්දියාවයි චිනයයි දෙකම බැලන්ස් කරන්න පුලුවන් – රජය කියයි

ඉන්දියාව සහ චීනය යන රටවල් ද්විත්ව සමගම රජය දැඩි රාජ්‍යතාන්ත්‍රිකභාවයෙන් සහ විවෘතව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති නලින්ද ජයතිස්ස සඳහන් කළේය.

ඕනෑම පර්‍යේෂණ නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට රජයට හැකියාව පවතින බවද ඇමැතිවරයා පැවැසීය.

ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරීමට රජයට හැකියාව පවතින බවත්, දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික දැක්මක් සහිතව රජය කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ඉන්දීය සංචාරයේදී ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු සහ මෙරටට පැමිණ සිටින චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ප්‍රධානියකු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

විදේශීය පර්‍යේෂණ නෞකා සඳහා පනවා ඇති වසරක තහනම ලිහිල් කිරීමට රජය කටයුතු කර ඇත්දැයි යනුවෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරිණි.

ඊට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා මෙසේ සඳහන් කළේය.

“නෑ. අපි ප්‍රශ්නය ගැන එකින් එක සළකා බලනවා. එහි අරමුණ මොකක්ද කියලා බලනවා. ආරක්ෂක මණ්ඩලයෙන් ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලබාගත හැකියි. ඒ නිසා අපේ ස්ථාවරය තමයි අපි ප්‍රශ්න එකින් එක ගැන කාලයට අදාළව කටයුතු කරනවා.”

විවිධ හේතූන් මත අතරමඟ නතර වී තිබෙන සමුද්‍රීය පර්යේෂණ කටයුතු නැවතත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි කිං බොයොං (Qin Boyong) ඊයේ ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත් චීනය විසින් ශ්‍රී ලංකාව ආශ්‍රිතව සිදුකරන සමුද්‍රීය පර්යේෂණ කටයුතු පිළිබඳව ඉන්දියාව දැඩි අවධානයෙන් පසුවේ.

ඒ සිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පවසමිනි.

මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි සමුද්‍රීය පර්යේෂණ නෞකා කිහිපයකටද ඉන්දියාව දැඩි විරෝධයක් පළකළේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories