තීරුබදු ගැටලුව සම්බන්ධයෙන් අමෙරිකාව සමග එකඟතාවලට පැමිණීම එම තීරුබදු තාවකාලිකව අත්හිටුවා ඇති දින 90ක කාලසීමාව තුළ සිදුකර ගැනීමට බලාපොරොත්තු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව පුරා රටවල් සියයක් පමණ ඉලක්ක කරමින් විදෙස් ආනයන මත පනවා ඇති තීරුබදු ඉහළ නැංවීමට පසුගිය අප්‍රේල් දෙවැනිදා පියවර ගත්තේය. ඒ සමග අමෙරිකාව සමග පවතින වෙළෙඳ හිඟය මත පදනම්ව ශ්‍රී ලංකාවට 44%ක තීරුබදු පැනවූ අතර, පසුව තීරුබදු දින 90ක කාලයක් සඳහා එය අත්හිටුවීමට ජනාධිපති ට්‍රම්ප් පියවර ගත්තේය.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායමක් අමෙරිකාව සමග සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති අතර, අද එහි ප්‍රගතිය පිළිබඳ කරුණු අනාවරණ කෙරුණි.