පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ අලුයම උඩරට දුම්රිය මාර්ගය ට පස්කදු ගල්පර්වත කඩා වැටී ඇති බවත් , මේ වනවිටත් දුම්රිය සේවකයන් මාර්ගයට කඩා වැටී ඇති පස්කදු ගල්පර්වත ඉවත් කිරිමේ කටයුතු වල නිරතව සිටන බවද එහි ප්‍රකාශයකු කීය .
නමුත් දැනට පවතින අධික වර්ෂාව නිසාවෙන් එම කටයුතු වලට බාධා සිදුව ඇත.
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය මේ හේතුවෙන් දැනට නානුඔය දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් , බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (26) අලුයම 5.45ට ධාවනය වීමට නියමිතව තිබූ උඩරට මැණිකේ දුම්රිය මෙතෙක් ගමන් ආරම්භ නොකල බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය .
දුම්රිය මාර්ගය ට කඩා වැටී ඇති පස්කදු ගල්පර්වත ගස්කොළන් ඉවත් කිරිමට තව පැය කීපයක් ගත වන බවත් , මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ප්‍රමාද වන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .
(ලංකාදීප )