2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:21
නවතම පුවත්

ආණ්ඩුව වැව් හැදිල්ලට අත ගහයි

2025 වසරේ දෙසැම්බර් වන විට රට පුරා ඇති අතිරේක වැව් 205ක් දේශගුණ සුහුරු කෘෂිකර්ම වාරි ව්‍යාපෘතිය (CSIAP) මගින් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව තිබේ.

ඒ සඳහා ඇස්තමේන්තුගත ආයෝජනය රුපියල් මිලියන 4,200කි.

කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුව දේශගුණික සුහුරු කෘෂිකාර්මික භාවිතයන් තවදුරටත් ශක්තිමත් කරමින් ගොවි පවුල් 12,000කට ආධාර කිරීම සහ වියළි කලාපවල ගොවිබිම් අක්කර 15,000කට ජලය සැපයීම මෙම වැඩසටහනේ අරමුණයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ, ලෝක බැංකුවේ අරමුදල් මත ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු කෘෂිකර්ම වාරි ව්‍යාපෘතිය වයඹ, උතුරු මැද, උතුර, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල දිස්ත්‍රික්ක 11ක් පුරා වැව් 470ක් ප්‍රතිසංස්කරණය කරමින් දැනටමත් ප්‍රගතියක් ලබා ඇත.

ප්‍රතිසංස්කරණය කරන ලද වැව්වලට කුරුණෑගල වැව් 116, පුත්තලම 28, අනුරාධපුර 56, පොළොන්නරුව 10, කිලිනොච්චි 34, මුලතිව් 47, ත්‍රිකුණාමලයේ 29, මඩකලපුව 21, අම්පාර 19, හත්අඹට 74 සහ මොණරාගල වැව් 36ක් ඇතුළත් වේ.

මෙම ප්‍රයත්නයන් මඟින් ගොවි පවුල් 30,000කට සෘජු ප්‍රතිලාභ ලබා දී ඇති අතර කෘෂිකාර්මික ඉඩම් අක්කර 38,000ක් වගා කිරීමට හැකි වීම මගින් කෘෂි ආර්ථිකයට සැළකිව යුතු දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories