2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 22:17
නවතම පුවත්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් යාපනයට

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ශ්‍රී ලංකාවේ වැඩි ම දිස්ත්‍රික්ක ප්‍රමාණයක් ඇතුළත් වන උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කය තුළ දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් ස්ථාපිත කර තිබේ.

යාපනය, කිලිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවට ආගමන හා විගමන කටයුතු ආශ්‍රිත සේවාවන් ලබා ගැනීම උදෙසා වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත ගමන් කිරීමේදී විශාල කාලයක් වැය කිරීමට සිදුවන බව රජය පවසයි.

උතුරු පළාතේ ජනතාව විශාල වශයෙන් විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති බැවින් ඔවුන් සඳහා කඩිනම් සේවාවක් ලබා දීම සඳහා යාපනය දිස්ත්‍රික්කයේ ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් ආරම්භ කිරීම සුදුසු බවට ජනවාරි 31 වන දා ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවති යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී යෝජනා වී තිබේ.

ඒ අනුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යෝජිත යාපනය ප්‍රාදේශීය කාර්යාලය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ මෙම මාසයේදී ස්ථාපනය කිරීම සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories