2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:07
නවතම පුවත්

ආංශික අධීක්ෂණ කාරක සභා 7ක්

දසවැනි පාර්ලිමේන්තුව යටතේ ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් ස්ථාපිත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එකඟතාවය පළවී තිබේ.

ඒ අනුව, ආංශික අධීක්ෂණ කාරක සභා 7න් සභාපතිධුර 03ක් විපක්ෂයටත්, අනෙක් සභාපතිධුර හතර ආණ්ඩු පක්ෂයට ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එකඟත්වය පළවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසීය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒ බව තීරණය වී ඇති බව සඳහන්ය.

ආංශික අධීක්ෂණ කාරක සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව සමාලෝචනය කිරීමට පත්කරන ලද කමිටුවේ නිර්දේශ මත මෙලෙස දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා 7ක් සියලු අමාත්‍යාංශවල විෂය පථයන් ආවරණය වන පරිදි පිහිටුවීමට තීරණයවී තිබේ.

එමෙන්ම දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආබාධිත ප්‍රජාව වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්වරුන් විසින් කර ඇති ඉල්ලීමට ද පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ අනුමතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories