මෙම මාසයට අදාළ අස්වැසුම ප්රතිලාභ දීමනාව අද (13) දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. මෙම මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී දීමනාව පවුල් 1,725,795ක් සඳහා ලබාදීමට නියමිතය.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කළේ රුපියල් බිලියන දොලහකට අධික මුදලක් ඒ සඳහා බැර කිරීමට නියමිත බවයි.
ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට තමාට හිමි මුදල අද සිට අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකියාව පවතී.