පසුගිය 02වැනිදා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයකදී තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදුකළා යැයි කියන පුද්ගලයෙකු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු බවට සිදු කළ විමර්ශනවදී අනාවරණය වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් විමර්ශන ඒකකය මගින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
මේ සම්බන්ධයෙන් ඊයේ(11) පුවත්පතක හා සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පුවතක් පළවී ඇති අතර ඒ් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.