2025 අගෝස්තු 15 සිකුරාදා, 01:00
නවතම පුවත්

අලුත් ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරුන් නෑ නියෝජ්‍ය ඇමතිවරු 26ක්

නව රජය රාජ්‍ය ඇමැතිවරුන්ගේ සංකල්පයෙන් බැහැර වීමට තීරණය කර තිබේ.

ඒ වෙනුවට ඉදිරි දින දෙක ඇතුළත නියෝජ්‍ය ඇමැතිවරුන් 26-28ත් අතර ගණනක් පත් කිරීමට නව රජය කටයුතු කරන බව වාර්තා වේ.

අලුතින් දිවුරුම් දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ නියෝජ්‍ය ඇමැතිවරුන් පත්කිරීම නුදුරේදීම සිදුවනු ඇති බවයි.

මැතිවරණයට පෙර රටට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි රාජ්‍ය ඇමැතිවරුන් පත් නොකරන බව ඔහු පවසා ඇත.

ඇතැම් කැබිනට් ඇමැතිවරුන් සඳහා නියෝජ්‍ය ඇමැතිවරු පත් කෙරුණ ද සියලු අමාත්‍යාංශ සඳහා එලෙස නියෝජ්‍ය ඇමැති ධුර පත් නොකරනු ඇති බව ද වාර්තා වේ.

අමාත්‍යාංශ ලේකම්වරුන් ද මාරු කිරීමට, නැවත පත් කිරීමට හෝ අලුතින් පත් කිරීමට නියමිත නමුත් අවසන් තීරණය තවමත් ගෙන නොමැති බව ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා ඇත.

කෙසේවෙතත්, මුදල් ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන තවදුරටත් තබා ගැනීමට රජය තීරණය කර තිබේ.

විදේශ ඇමැතිවරයා ලෙස යළි පත් වූ විදේශ ඇමැති විජිත හේරත් ඊයේ සිය ධුරයේ වැඩ භාර ගත් අතර වෛද්‍ය ජයතිස්ස අද තම කාර්යාලයේ දී වැඩ ආරම්භ කිරීමට නියමිතය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories