සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලබා ඇති බවත් අප්‍රේල් 10 වැනිදා සිට 19 වැනිදා දක්වා ගෙවුණු දින 10 තුළ මෙම ආදායම ලබා ඇති බවත් අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩී. කහටපිටිය පවසනවා.
එම කාළය තුළ රථවාහන මිලියන 1.3ක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇති බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටිය අතර
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අද දිනයේත් ගම්බිම් බලා ගිය ජනතාවගේ වාහන විශාල ප්‍රමාණයක් අධිවේගී මාර්ග භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.