2025 අගෝස්තු 15 සිකුරාදා, 22:45
නවතම පුවත්

අලියෙක් නිසා දවස් තුනක් පාරක් වහලා

අම්පාර, ටැම්පිටිය-මහඔය මාර්ගය පසුගිය දින තුනක සිට රථවාහන සහ පදිකයන් සඳහා වසාදමා ඇත්තේ, තුවාල ලැබූ වන අලියකු නිතර නිතර මාර්ගයේ සැරිසැරීම හේතුවෙනි.

මාර්ගය වසාදැමීම සිවිල් ජන ජීවිතයට බාධාවක් වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

වනජීවී අඩවි වන නිලධාරී කිත්සිරිමෙවන් පවසා ඇත්තේ, දේශීයව නිෂ්පාදනය කරන ලද ‘හක්කපටස්’ පුපුරන ද්‍රව්‍යයකින් වන අලියාට බරපතල තුවාල සිදුවී ඇති බවත්, අම්පාර පශු වෛද්‍ය ඒකකය ප්‍රතිකාර ලබාදෙන බවත්ය.

අලියා මාර්ගයේ නිතර නිතර ගමන් කරන බවත්, එමඟින් ජනතාවට අනතුරක් සිදුවිය හැකි බවත්, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මාර්ගය තාවකාලිකව වසාදැමූ බවත් ඔහු පවසයි.

පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය මාර්ගයේ ආරක්ෂාව සලසන බවත් ඔහු සඳහන් කරයි,

අලි වෙඩි දල්වමින් අලියා පලවාහැරීමට උත්සාහ කළ නමුත් එයින් පලක් නොවූ බව නිලධාරියා පවසයි.

ප්‍රතිකාර ලබාදීම සඳහා අලියා මාර්ගයෙන් ඉවත් කළ යුතු බවත්, උපදෙස් සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව දැනුම් දුන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories