ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා රුපියල් 50,000ක මුදලක් ලබා ගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (ජූලි 22) ඇප නියම කළේය.
මෙම නියෝජ්‍ය කොමසාරිස්වරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 11ක පමණ බදු හිඟ මුදලක් ඉවත් කර දීම සඳහා අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙනි.