අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න යටතේ ශල්‍යකර්මවලට ලක්ව අගතියට පත් පුද්ගලයින්ගේ තොරතුරු රැස්කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇත.
අදාළ වෛද්‍යවරිය පසුගියදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ශල්‍ය උපකරණ භාවිතයෙන් සිදුකළ ස්නායු ශල්‍යකර්මවලදී එම උපකරණ බාහිර ආයතනවලින් ලබා ගැනීමට සැලැස්වීම තුළින් රෝගීන්ට අලාභ සිදුකිරීම් ඇතුළු චෝදනා කිහිපයක් යටතේයි .
එලෙස අගතියට පත්වු පුද්ගලයින් 77 දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම පැවසයි.
අගතියට පත් තවත් පුද්ගලයින් හෝ මෙම අක්‍රමිකතාව පිළිබඳව තොරතුරු දන්නා පුද්ගලයින්ට අදාළ තොරතුරු ලබාදිය හැකි බව අල්ලස් කොමිසම පවසයි.
ඒ අනුව 1954 යන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ක්ෂණික ඇමතුම් අංකයට හෝ ciaboc_gen@ciaboc.gov.lk විද්‍යුත් ලිපිනය හරහා එම තොරතුරු දැනුම්දිය හැකි බවයි එම කොමිසම සඳහන් කළේ.