2025 අගෝස්තු 15 සිකුරාදා, 09:55
නවතම පුවත්

අල්ලස් ඉල්ලූ නිලධාරීන්ට වැඩ වරදී

නිව­සක සැලැස්ම ප්‍රාදේ­ශීය සභාව විසින් අනු­මත කර නැති බව පවසා නිවස කඩා ඉවත් නොකර සිටී­මට රුපි­යල් හැට­ද­හ­සක අල්ලස් මුද­ලක් ලබා­දෙන ලෙස බල කිරීමේ සිද්ධි­යට අදාළ කිළි­නොච්චි ප්‍රාදේ­ශීය සභාවේ නිල­ධා­රින් දෙදෙ­නෙකු තව­දු­ර­ටත් ලබන 27 දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබුවේ කිළි­නොච්චි ප්‍රාදේ­ශීය සභා­වට අනු­යු­ක්තව සේවය කළ ආදා­යම් පරී­ක්ෂක වනේ­ෂ්ව­රන් ලෝග­ර­දන් සහ ආරි­ය­ර­ත්නම් මයු­රන් නමැ­ත්තන්ය.

සැක­ක­රු­වන් ඉදි­රි­පත් කර­මින් අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යේදී කරුණු ඉදි­රි­පත් කර සිටියේ පැමි­ණි­ලි­කා­රි­යගේ නිවසේ සැලැස්ම ප්‍රාදේ­ශීය සභා­වෙන් අනු­මත නොකර ඉදි­කර ඇති බවට පැමි­ණි­ල්ලක් ලැබී ඇති බවට දන්වා මෙම නිල­ධා­රින් දෙදෙනා එම නිවසේ ඡායා­රූප ඔවුන්ගේ ජංගම දුර­ක­ත­න­ව­ලින් ලබා­ගෙන පැමි­ණි­ලි­කා­රි­යගේ විස්තර විමසා එම විස්තර කොළ­යක සට­හන් කර­ගෙන පිටව ගොස් ඇත.
පසු­දින දුර­ක­ත­න­යෙන් අමතා නිල­ධා­රින් දෙදෙනා පැමි­ණි­ලි­ක­රුට කියා ඇත්තේ මෙම නිවසේ සැලැස්ම අනු­මත නොකර ඉදි­කි­රීම සම්බ­න්ධ­යෙන් තාක්ෂණ නිල­ධා­රි­යාට දන්වා විම­ර්ශ­නය කර නඩු පැව­රී­මට හෝ කඩා ඉවත් කිරී­මට හැකි­යාව ඇති බැවින් එසේ නොකර සිටී­මට රුපි­යල් ලක්ෂ තුන­හ­මා­රක අල්ල්ස් මුද­ලක් අවශ්‍ය බවත්ය.

පසුව අව­සාන වශ­යෙන් පළමු සැක­කරු නැවත දූර­ක­ත­න­යෙන් අමතා රුපි­යල් හැට­ද­හ­සක අල්ලස් මුද­ලක්ලබා­දෙන මෙන් ඉල්ලා ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම අධි­ක­ර­ණ­යේදී කියා සිටි­යේය.
(භාග්‍යා සිල්වා

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories