2025 අගෝස්තු 15 සිකුරාදා, 18:58
නවතම පුවත්

“අර්චුනා දිගටම වැඩවලට බාධා කළොත් අල්ලලා පොලිසියට බාරදෙනවා” – යාපනය රෝහලේ අධ්‍යක්ෂ

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී.සත්‍යමූර්ති පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චූනා නැවත රෝහලට පැමිණ එහි මෙහෙයුම්වලට බාධා කළහොත් ඔහු අල්ලා යාපනය පොලිසියට භාරදෙන බවයි.

වෛද්‍ය සත්‍යමූර්ති මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා පසුගියදා රෝහලට පැමිණීමෙන් එහි දෛනික කටයුතුවලට බාධා එල්ල වූ බවට යාපනය පොලිසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඊයේ (10) පැවැති ජනමාධ්‍ය හමුවකදීය.

වැඩිදුර තොරතුරු සපයමින් වෛද්‍ය සත්‍යමූර්ති පැහැදිලි කළේ, යාපනය ශික්ෂණ රෝහලට දිනකට රෝගීන් 2,000කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා පැමිණෙන බවත්, නිසි අධීක්ෂණයක් අත්‍යවශ්‍ය වන බවත්ය.

මන්ත්‍රීවරයා හදිසියේ රෝහලට පැමිණ අනවසරයෙන් තමා හමුවීමට උත්සාහ කළ බවත්, එමඟින් කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධාකළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

කතාබහ අතරතුරදී මන්ත්‍රීවරයා “සර්” යනුවෙන් ආමන්ත්‍රණය කරන ලෙස අවධාරණය කර තිබේ.

වෛද්‍ය සත්‍යමූර්ති එය ප්‍රතික්‍ෂේප කර ඒ වෙනුවට “ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී” යනුවෙන් ආමන්ත්‍රණය කළ හැකි බව පැවසූ විට මන්ත්‍රීවරයා ඔහුට බැනවැදී ඔහුව ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවට කැඳවා රෝහල් අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවට තර්ජනය කර තිබේ.

මන්ත්‍රීවරයා මෙලෙස දිගින් දිගටම රෝහල් කටයුතුවලට බාධා කළහොත් රෝහලේ ආරක්ෂක නිලධාරීන් හරහා යාපනය පොලිසියට භාරදීමට පියවර ගන්නා බවද රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories