2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:57
නවතම පුවත්

අමෙරිකාව සිය රට කෙරෙහි ඇති සතුරුකම් අවසන් කළ යුතුයි

ඉරානය සමග සෘජු සාකච්ඡා පැවැත්වීමට පෙර අමෙරිකාව මුලින්ම, තම රට කෙරෙහි ඇති සතුරුකම් අවසන් කළ යුතු බව ඉරාන ජනාධිපති මසුඩ් පෙසේෂ්-කියන් පවසයි.

පසුගිය ජූලි මාසයේදී ඔහු ජනපති ලෙස පත්වීමෙන් පසු පැවැත්වූණු පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

අමෙරිකාව සහ බටහිර රටවල් පසුගිය දා ඉරානයට නව සම්බාධක පැනවිය.

ඒ, යුක්රේනයට එරෙහි යුද්ධය වෙනුවෙන්, ඉරානය, රුසියාවට ආයුධ සපයා ඇති බවට චෝදනා කරමිනි.

නමුත් ඉරාන ජනාධිපතිවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ, සම්බාධක පැනවීමට හේතුවක් විය හැකි කිසිදු අයුධයක් ඉරානය, රුසියාවට ලබා දී නොමැති බවයි.

ඊශ්‍රායල – ගාසා ගැටුම් ව්‍යාප්ත වීමට ද ඉරානයේ ක්‍රියාකාරීත්වය බලපා ඇතැයි බටහිර රටවල් පැවසීය.

ඒ, හමාස් සංවිධානයට ඉරානයේ සහයෝගය ලැබෙන බවට චෝදනා කරමිනි.

ජූලි මාසයේදී ඉරාන ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීමට පැමිණි හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ලක්වුණේ, මෙම චෝදනා මධ්‍යයේයි.

හිටපු ජනපති ඊබ්‍රහිම් රයිසි මැයි 19 වැනි දා හෙලිකොප්ටර් අනතුරකින් මිය යාමෙන් පසු, මසුඩ් පෙසේෂ් කියන් නව ජනාධිපතිවරයා තේරී පත්විය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories