2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 14:41
නවතම පුවත්

අභියාචනාධිකරණ සභාපති විනිසුරුට එරෙහි දෝෂාභියෝගයට ආණ්ඩුවේ 118ක් අත්සන් කරලා

අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්නට එරෙහිව රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත දෝෂාභියෝග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 කට අධික පිරිසකගේ අත්සන් ලබාගෙන ඇත.

රාජ්‍ය පුවත්පතක් වන දිනමිණට අනුව, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසා ඇත්තේ, මේ වන විට මන්ත්‍රීවරුන් 118 දෙනෙකුගේ අත්සන් ලබාගෙන ඇති බවයි.

විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බව ඔහු පවසා ඇත.

මේ සඳහා අවශ්‍ය අත්සන් ලබාගැනීමේ ක්‍රියාවලිය අවසන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල අනාවරණය කර තිබේ.

විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට වාර්තා පළ වූ බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත්, ඉන් පසුව රජය එහි ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවත් පවසයි.

අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉදිරි දිනවලදී විශ්‍රාම යෑමට නියමිත බව වාර්තා වේ

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories