2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:49
නවතම පුවත්

අපරාධවලට වැරදිකරු වූ පුතාට බයිඩ්න් සමාව දෙයි

අපරාධ නඩු දෙකකට දඬුවම් පමුණුවා සිටි සිය පුත්‍රයා වන හන්ටර් බයිඩ්න් හට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමාව ලබා දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියාසිටියේ තම පුත්‍රයා “තනි වී” ඇති බවයි.

එමෙන්ම පුත්‍රයාට එරෙහි නඩුව “යුක්තියේ ගබ්සාවක්” යනුවෙන් ජෝ බයිඩ්න් පවසා තිබේ.

“මම බලයට පත් වූ දිනයේ සිටම මම අධිකරණ දෙපාර්තමේන්තුවේ තීරණ ගැනීම්වලට මැදිහත් නොවන බව කීවෙමි. මගේ පුතා තෝරා බේරා අසාධාරණ ලෙස නඩු පවරන ආකාරය දෙස බලා සිටියදී පවා මම මගේ වචනය ඉටු කළෙමි, ”ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “මම මෙම සති අන්තයේ මෙම තීරණය ගත් පසු, එය තවදුරටත් ප්‍රමාද කිරීමේ තේරුමක් නැත.”

“පියෙකු සහ ජනාධිපතිවරයෙකු මෙම තීරණයට එළඹෙන්නේ මන්දැයි ඇමරිකානුවන් තේරුම් ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි”, ජනාධිපති බයිඩ්න් පැවසීය.

හන්ටර් බයිඩන් ඉකුත් සැප්තැම්බර් මාසයේදී බදු චෝදනාවලට වරද පිළිගත්තේය.

ජූනි මාසයේදී තුවක්කුවක් ළඟ තබාගෙන සිටීම සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරන්නකු වීමේ වරදට ඔහු වරදකරු විය.

ඒ, බලයේ සිටින අමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ අපරාධයකට වරදකරුවෙකු වූ පළමු දරුවා බවට පත්වෙමිනි.

කෙසේවෙතත් ජෝ බයිඩ්න් සිය පුත්‍රයාට පූර්ණ සහ කොන්දේසි විරහිත සමාව ලබාදී ඇත්තේ ඔහුට සමාව නොදෙන බව මීට පෙර පවසා තිබියදීයි.

මීට මාස කිහිපයකට පෙර, එනම් සැප්තැම්බර් මාසයේදී, ධවල මන්දිර මාධ්‍ය ලේකම් පැවසුවේ බයිඩ්න් තම පුතාට සමාවක් නිකුත් නොකරන බවයි.

කෙසේවෙතත් ජෝ බයිඩ්න් ගත් මෙම තීරණයට ඩොනල්ඩ් ට්‍රප්ම් දැඩි විරෝධය එල්ල කර තිබේ.

“ජෝ විසින් හන්ටර්ට දුන් සමාවට දැන් වසර ගණනාවක් සිරගතව සිටින J-6 ප්‍රාණ ඇපකරුවන්ද ඇතුළත් වේද? එය අපයෝජනයක් සහ යුක්තිය ගබ්සා කිරීමක්!” ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories