අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න එළැඹෙන 13 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අද (11) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ බව නියෝග කර තිබේ .
ජනාධිපති පොදු සමාව යටතේ වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු නිදහස් කළ බව කියන චෝදනාව යටතේ මෙහාන් කරුණාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 08 වනදා පස්වරුවේ අත්අඩංගුවට ගැනුණි.