අධ්‍යාපනයේ පරිවර්තනයක් උදෙසා ‘අධ්‍යාපන කවුන්සිලයක්’ පිහිටුවීමට රජය සූදානම් බව, ජාතික අධ්‍යාපන ආයතනයේ මීගොඩ පිහිටි අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමණාකර පීඨ ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේය.
ඇය සඳහන් කළේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය භාවය සහ ගුණාත්මක භාවය සංවර්ධනය කිරීම එම අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීමේ මූලික අරමුණු 2ක් බවට පත් වන බවයි.